(නිසි කළ බිහිවීමට අවසර නුදුන් නිසා කුස තුළ ම මිය ගිය ‘සිකුරු තරුව‘ නම් මාගේ කුළුඳුල් සහ අවසන් කෙටි කථා සංග්‍රහයෙන් උපුටා ගන්නා ලදී)
එය ද එක්තරා උදෑසනක් විය. උදෑසනක් කීවාට ටිකක් දහවලට බර ය. ඒ කියන්නේ මධ්‍යහන එකොළහයි හතයි තප්පර තුනට වගේ ය. අද මුළු දවස ම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා ඇත. මේ නිසා නිකං ඉන්න කම්මැලි හිතුණු මං තුවක්කු බටේකුත් කරේ තියාගන කැලේට වැදුනා, සිකුරු තරුව හොයන්න. සිකුරු තරුව කියන්නෙ ග්‍රහලෝකයක්. තරුවක් නෙමෙයි. ඒක ඉර එළිය වැටිල දිලිසිලා තරුවක් වගේ පේන හින්ද තමයි සිකුරු තරුව කියල කියන්නෙ. හරි නං සිකුරු ග්‍රහලෝකෙ. මේ ළඟදි සිකුරු තරුව මං ගාව තිබිල නැති උණා. ගත්තු කෙනෙකුත් නෑ, නොගත්ත කෙනෙකුත් නෑ, දන්න කෙනෙකුත් නෑ නොදන්න කෙනෙකුත් නෑ, ගිය තැනකත් නෑ, නොගිය තැනකත් නෑ, නැති සේරම තැන්වල නෑ. තව බලන්න තියෙන්නෙ මේ කැලේ විතරයි. ග්‍රහලෝකයක් කොහොම ද මං ළඟ තියෙන්නෙ කියල කාට හරි හිතුනොත් ඒක වැරදියි. ඒ ග්‍රහලෝකෙ මං අල්ලගත්තෙ බොහොම අමාරුවෙන්. ඒක මහ දිග ම දිග කතාවක්. ඒවයින් වැඩක් නෑ.
ඕං මං තුවක්කුවත් අරගන කැලේට ගියා. ටිකක් දුර ඔහොම ඇවිදගන ඇවිදගන යනකොට මගෙ ඉස්සරහට හම්බවුනේ කොටියෙක්. කොටියෙකුත් නෙමේ බලපුහම. කොටි සද්දන්ත දැවැන්ත රාජයෙක්. ඌව දැක්ක හැටියෙ මට සිහි නැති වෙන්න ගියා. ඒත් තුවක්කුව අතේ හින්ද එහෙම උන් නෑ. මම තුවක්කුව කොටියට එල්ල කළා විතරයි කොටිය මැරිල වැටුණ. මට හරි මැජික්. මේකෙ මොකක් හරි හොරයක් ඇති කියල හිතං මං කොටිය ළඟට කිට්ටු වෙලා බැලුව මැරිල ද නැද්ද කින්ද මන්ද කියල. බැලින්නම් මැරිල ද කිංද මංද සේරම අවලංගු වෙලා. මේක මැරිල නෑ. මට ප්‍රෝඩාව කරල තියෙන්නේ. මේක ආරංචි උනු මට අම්බානට කියන්නෙ අං බානට ම නැට්ටෙනුත් නැට්ටට ම නැග්ගා. මීටරේ රතු කට්ටත් පැන්න ද කොහෙ ද? ඒත් මං මොනව කරන්න ද? ඌ තාමත් මැරිල වගේ. හිතේ ඇති මම රැවටිලා කියල. ඌ හුස්ම ගන්නව මං ඇස් දෙකට දැක්ක. දැනුත් ඕන්නං දැක ගත හැකි. මට හොඳ අයිඩියා එකක් ආවා. ඒ තමා මූව උස්සන් ගිහිං ගඟට දාන එක. ඒත් ඒක කරන්න හම්බවුනේ නෑ. ඒක යකා වගේ, නෑ කොටිය වගේ, කෑ ගහගන ගොරෝගන පැන්න මගෙ ඇඟට. මම බල්ටියක් දාලා ඒ පාරින් බේරුණා. කොටිය පැන්න පාර පොළව කාගන අඩියක් විතර පහළට එරුණ. ඒ ඉරි තැලිල තිබ්බ කට්ට පොළවෙ ඌ එච්චර යටට බහින්න ඌ කොච්චර වේගයෙන් පනින්න ඇද්ද... අම්මෝ... ඒ ගැන මතක් වෙලා මට කලන්තෙ හැදුණා. ඊට පස්සෙ මං ටිකක් වෙලා මගෙ බල්ටියට පිං දිදී නිදා ගත්තා. ඇහැරිලා බලන කොට කොටි හපුව නෑ. මං නිදි අවස්ථාවෙන් ප්‍රයෝජං ගත්තු ඌ පැනල ගිහිං. මං ඌව අල්ලන්න ගියෙ නෑ. වැඩක් නෑනේ. මං ආවෙ සිකුරු තරුව හොයාගන.
මම තව ඉදිරියට ගියා. අලි මදිවට කොටි කියල, නෙමේ, කොටි මදිවට අලි කියල, මහ විශාල වල් අලියෙක් මට මුලිච්චි වෙච්චි. හැබැයි ඌ එක්ක කොටි හපුව එක්ක ගියා වගේ අංකර අල්ලන්න ගියෙ නෑ. මං අල්ලට මතුරන අතරෙ මං එසේ මෙසේ පුත්‍රයෙක් නොවන බව දැන ගත්තු අලිය මඟ ඇරිය. යන්න යන්න ගමන බාදයි. මං එන්න හැරුණ. එනකොට මං දැක්ක වතුර වලක මගෙ සිකුරු තරුව දිලිහි දිලිහි තිබුණ. මට එකපාරට ම මහෞෂධ පඬිතුමාගෙ නුවණ පහළ වුණා. මං වතුර මුට්ටියක් අරං බැලුවා. ඒකෙත් සිකුරු තරුව තිබුණා. මට මගෙ මොලේ ගැන පැලෙන්න තරං සතුටුයි. මං මගෙ මොලේට පොඩි සංග්‍රහයකුත් කරලා අසල ඇති කාක් කූඩු හොයන්න පටන් ගත්තා. මහෞෂධ පණ්ඩිතයන් වහන්සේට මැණික හම්බ වුණේ කාක් කූඩුවකදි හින්ද මාත් හිතුවෙ මගෙ තරුවත් කාක් කූඩුවක ඇති කියල. මම කැලේ දෙවනත් කරගන කාක් කූඩු කුඩුපට්ටම් කර කර සිකුරු තරුව හෙව්ව. මගේ ක්‍රියාවට අනවශ්‍ය විදිහට ඔරොප්පු උණු කාක්කො වට කරගන මට කොටපි. මම දන්න සෙල්ලං, බල්ටි පිණුම් දදා බැලුවත් බේරෙන්න බෑ. මම දුවල දුවල ගෙට රිංගුව. මට දෙයියො මතක් වෙලා උඩ බැලුණ. සිකුරු තරුව ලස්සනට පායල හිනාවෙවී මං දිහා බලන් ඉන්නව මම දැක්ක.
94-10-24

No comments:
Post a Comment