...මම වීදියක් දිගේ ඇවිද ගියෙමි. මට ඉදිරියෙන් යන්නේ පිස්සෙකි. හද්ද පිස්සෙකි. ඔහු විටක සිනාසෙයි. විටෙක අඬයි. උඩ පනියි. බිම පනියි. හිඳ ගනියි. නැගිටියි. ඉස්සරහට යයි. පස්සට යයි. මට බකස් ගා හිනා ගියේ ය. ඔහු මා දිහා බැලුවේ ය. ඔහු මට බැන්නේ ය. බැන ගෙන බැන ගෙන ගියේ ය. මට තවත් හිනා ගියේ ය. මට ඔහු හා කතා කිරීමට සිතුණි. ඔහු මා ලං වන විට දිව්වේ ය. මම ඔහු පසුපස එළවා ගියෙමි. ඔහු දුවගෙන දුවගෙන දුවගෙන ගියේ ය. මම එළවාගෙන එළවාගෙන එළවාගෙන ගියෙමි. පාසැලේ මීටර් සියය දුවා පුරුදු මට කිලෝ මීටරයකට විතර පසු ඔහු හා කිට්ටු වීමට හැකි විය.
මම පැන්න ගමන් ඔහුගේ බෙල්ලෙන් අල්ලා ගතිමි. ඔහු මට දඩාස් ගා හොම්බට ඇන්නේ ය. ඇනගෙන ඇනගෙන ගියේ ය. මගේ කටින් ලේ ආවෙමි. මට ජුවල් ගියේ ය. මම ඔහුට හොම්බට හැට හතරක් ඇනගෙන ඇනගෙන ගියේ ය. ඒත් ඔහු හිනා වෙයි. අඬයි. උඩ පනියි. මගේ ක්‍රියාව දුටු මිනිසෙක් මාව පොලීසියට අල්ලා දුන්නේ ය. පොලීසිය මාව හිර කළේ ය. මට දුක හිතුණි. මට නින්ද ගියේ ය. කූඩුවේ දොර ඇරීමෙනි අවදි වුණු මා දුටුවේ පොලිස් බටයන් දෙදෙනෙකු මැද සිටින පිස්සා ය. ඔහු මියගොස් සිටියේ ය. මම ද මිය ගියෙමි. පසුව අප දෙදෙනාවම එක ළඟ වළලන්නට ඇති.
නැවත මට හිනා ගියේ ය. ඒ පිස්සා මතක් වෙලා ය.
94-07-28

No comments:
Post a Comment