08.) මහතැනගේ භීතිය
ඉඳින් මීට අවුරුදු දහස් ගණනකට ඉහත සිදු වූ දුර්ලභ කථා පුවතක් ඔබට පවසන්නෙමැ යන චින්තනයැ කෑදර කුහුඹු පෝතකයෙකු පැණි මුලකට ඇදෙන්නා සේ මාගේ චිත්ත සන්තෑනය දෙසට ඇදෙමින් පැවතියේ යැ. ඒ අමිහිරි පුවත මාගේ සවන් වැටුණු කල්හි මාගේ ශරීර කූඩුව භියෙන් ත්‍රස්තව පාෂාණීභූතව ගියේ යැ. ඉතිනුත් නොනැවතී මාගේ ප්‍රෞඩ පෞර්ෂත්වයෙන් හා නැණ බුද්ධියෙන් විභූෂිත වූ චිත්ත සන්තානයන් තෙම භියෙන් ඇළලී, මහා මාරුතයෙන් නොසැලී ගත් ඉන්ද්‍රඛීලයක් සේ නොසෙල්වී ඉඳිමී‘යි ගත් අදහස් සුණුවිසුණුව ගොස් මුලින් කපා ලූ කෙසෙල් කඳක් සේ ඒ පුවත් ඉදිරියේ දණ බිම නැමුවේ යැ.
ඉදින් නම් ගැලවීමක් නැතැයි සිතූ මා ඒ දුෂ්ට අදහසට කියන්නේ, මා කථාවක් කීමට සැරසෙන්නෝ යැ. එයට සූදානම් වනු වස් මා කියූ මහා හූ හඬට බිය ගත්හි සියළු සත්වයෝ සේම සේම තැන්වලට හා හිස් ලූ ලූ අත දුවන්නන් වාලේ දිවයන්නේ, සමහරු මහා ආවාටයන්හි ද, තවත් අය ආවාට පරදන විශාල වලවල්වල ද, තවත් කෙනෙකුන් මඩ, අසුචි, මල මූත්‍ර, පල් වතුර, මළ මී කුණු ආදී පංචකල්‍යාණයෙන් නොඅඩු, නැහැය අකුළුවන මහා දුර්ගන්ධයකින් විභූෂිත, නයනාභිරම්භණී අයස්කාන්ත මහා ජලාශයන්ට ද ඇද වැටුනාහ.
මෙය දුටු මා දැන් ඉතින් කාට කථා පවත්වන්නේ‘දැයි මිහුඬුහුරුලමින් හද්පත්ලෙන් නැගෙන මහා ශෝකයෙන් හඬන්නේ, මාගේ නේත්‍රා යුග්මයෙන් ගැලූ කඳුළු ගංගාවෝ අසල්වාසී ගම් නියම්ගම් යටකරමින්, මහා වෘක්ෂයෝ නෙළුඹු දැළියක් උදුරන්නා සේ බිම ඇද දමමින්, යකඩින් බැඳි මහා සඳළු මකුළු හුහක් කඩන්නා සේ බිඳ දමමින්, සියළු ලෝක සත්වයෝ තූ තූ කරමින් මහා හයියෙන් හඬ නගා ගලා යන්නට පටන් ගනිති යි බියෙන් හැඬීම නවතා දැමුවේ යැ.
ඉඳින් හැඬීම නැවතූ මා ඉහත කී පාපිෂ්ඨ අදහස කොහේදැ යි බලන්නේ ඒ අධමයා පංචකල්‍යාණයෙන් විභූෂිත, අයස්කාන්ත, මනරමණීය ඒ මහා ජලාශයේ වැටී කරවටක් මඩෙහි එරී ගොඩ ඒමට දඟලමින් උදව් ඉල්ලා කෑගසමින් සිටිනු දැක, උන් සමීපයට ගොස් උන් බණවාලා, තොපට උදව් උවමනා දැයි විචාරා, උන් තොපේ උදව්වලින් කම් නැත. වහා ම කථාවක් කියව‘යි කී කල්හි, කරවටක් ගිලී සිටි මේ අධමයා සූප කොට බොමි‘යි දරුණු සිතිවිල්ලක් ආමුත් එය යුගාන්ත වාතයෙන් ඇද වැටෙන්නා වූ මහාමේරු පර්වතය මකුළු හුයකින් අල්වා ගන්නා සේ වලකාගන, ඉතා ඉවසිලිවන්තව නැවත ‘මෙතන කථා කියන්නේ කාගේ සවනට දැ?‘යි විචාරන්නේ, ‘කාටවත් බැරි නම් හිස් අඹරට කියව‘යි කී කල්හි, මාගේ ඉවසීමේ සීමා රතු කට්ට පැන්නේ, වහා මුගුරක් ගෙන ඌගේ හිසට ගසා පුළුන් පිඬක් කළුගලකින් තලන්නා සේ සුන් දූලි කොට දැමුවේ යැ.
ඉඳින් මාගේ ක්‍රියාව බලා සිටි කරුංකාවක් තරම් අති විශාල වූ ගිජුළිහිණියෙකු මට කියන්නේ, ‘තා කළ ඒ ක්‍රෑර ක්‍රියාව මා මහතැන්වලට වාර්තා කොට තා එකුන්විසි මසකට සිපිරි ගෙයි ලග්ගවමි‘ යනුවෙනුයි. මේ ඇසූ මාහට අබ්බානෙට තද වී, කෙසේ හෝ මූ ළුහු බැඳ අල්වා මොහුගේ හිස, හොට , දෙපා යන තෙවැදෑරුම් මාංශයෝ මාගේ දිවා ආහාර අනුභවයට ද, ඉතිරි කොටස් උදෑසන සූපයට ද ගනිමි‘යි හිත දැඩි කොට ඌ අල්වා ගන්නට පනින්නේ ඇසිපිය ගසන නිමේෂයෙන් ඌ තුමූ මාගෙන් ගැලවී මගේ හිසට දැ වර්චැස් පිඬක් හෙළා, හුයෙන් මිඳුණු සරුංගලයක් සේ ඈතට පියඹෑ ගියේ යැ.
ඉඳින් ඒ පවිටු ගිජුළිහිණියා මා ගැන මහතැන්වලට වාර්තා කොට මහතැන් එම කාරණා විභාග කරනු වස් එතැනට පැමිණෙන්නේ මා අත වූ මුගුර දැක භියෙන් ත්‍රස්ථව ක්ලාන්ත සෑදී, මහී කත සිපගනිමින් පොළොවට ඇද වැටී, බඩ ගෑගනම කැළයට වැදහොත්තේ යැ. එකෙකු පමණක් චණ්ඩ මාරුතයට නොසෙල්වෙන ඉන්ද්‍රඛීලයක් සේ වැනි වැනී සිටගෙන ම සිටියෝ යැ. මූ නම් මුගුරට බිය නැතැයි සිතූ මා මුගුර උළුක් කර ඌ ළඟට කිට්ටු කර බලන්නේ දුටු දෙයින් මාගේ නේත්‍ර යුග්මය අදහා ගත නොහී මම මාගේ ප්රණයට ද ඇති ආශාව අතහැර දමා පණකඩාගෙන දෙපයට පින් දිදී දුවන්නේ ඇසිල්ලෙන් මාගේ වාසභවනට පිවිස සියළු දොරගුළු වසා සිදු වූ දේ ආවර්ජනය කරන්නට වීමැ. මාගේ චිත්ත සන්තානයේ හොල්මන් කරන්නේ හිටගෙන සිටි නරයාණෝ යැ. ඒ කිම් ද යත්, මාගේ මුගුරට ඇති භීතිය නිසා ඌ තුමූ මියගොස් සිටියේ යැ.
94-10-25